චුන්නාක්කම් විදුලි බලාගාරය යළි විවෘත කරයි

අධිකරණ නියෝගයක් මත තාවකාලිකව වසා දැමුණු යාපනය චුන්නාක්කම් විදුලි බලාගාරය යළි විවෘත කර තිබේ.

අදාළ විදුලි බලාගාරයේ කටයුතු තාවකාලිකව නවතා දමන ලෙස මල්ලාක්කම් මහේස්ත්‍රාත් අධිකරණය ජනවාරි මස 27 වනදා අදාළ සමාගමට නියෝග කළේය.


උතුරු පළාතේ භූ ගත ජලය මෙම විදුලි බලාගාරයේ කටයුතු හේතුවෙන් දූෂණය වී ඇති බවට චෝදනා කරමින් පැවරූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය.


මෙම නියෝගයට එරෙහිව අදාළ සමාගම අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළේය.


එය විභාග කළ අභියාචනාධිකරණය පසුගිය 6 වෙනිදා නියෝග කළේ විදුලි ජනනය හැර අනෙක් සාමාන්‍ය නඩත්තු කටයුතු සිදු කිරීමට සමාගමට අවසර දෙන ලෙසයි.


එම නියෝගය යාපනය මහාධිකරණය සහ අදාළ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණි.


කෙසේ වෙතත් වැඩිදුර නඩු විභාගය ලබන 16 වනදා සිදු කිරීමට නියමිතය.


භූ ගත ජලය දූෂණය වීමට සමාගම සම්බන්ධ නොමැති බවට අනාවරණය වූ බවද සඳහන්ය.



Post a Comment