ඉබ්බන්කටුව ජලාශයෙන් අභිරහස් මළ සිරුරක් හමුවෙයි

දඹුල්ල, ඉබ්බන්කටුව ජලාශයේ පාවෙමින් තිබි පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

අද(27) උදෑසන ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව පොලිස් උපදෙස් මත මෙම මළ සිරුර ගොඩටගෙන තිබේ.


කෙසේ වෙතත් මේ වන විටත් මියගිය පුද්ගලයා පිළිබඳ නිශ්චිත තොරතුරු වාර්තා වි නොමැත.


ඊයේ රාත්‍රියේ ජල පහරකට හසුව ඔහු ගසාගෙන ගොස් දියේ ගිළී ඇති බවට පොලිසිය සැක පළ කරයි.


සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment