ඉන්ධන පිරවුම්හලේ සේප්පුවක් උස්සයි


ඇල්පිටිය, දුවවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක තිබු මුදල් සහිත සේප්පුවක් පැහැරගෙන ගොස් තිබේ.


ඊයේ රාත්‍රී පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඉන්ධන පිරවුම්හලේ පොම්පකරු කාමරයකට දමා බැඳ තබා කොල්ලය සිදුකර ඇති බව පොලිසිය පැවසුවේය.


සේප්පුවේ තිබු මුදල් ප්‍රමාණය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැත.


සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.



Post a Comment