ගෙල කපා පොලිස් නිලධාරියා ඝාතනය කරලා



පානදුර දකුණ බෙත්ගම ප්‍රදේශයේදී උප පොලිස් පරික්ෂකවරයෙකු ගෙල කපා ඝාතනය කර තිබේ.

අද අළුයම (06)අදාළ උප පොලිස් පරික්ෂකවරයා සිය නිවසේ කාමරයක නිදාගෙන සිටියදී ගෙල කපා ඝාතනය කර ඇති බව පොලිසිය කියා සිටියි.


කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම ඝාතනය සිදුකළේද යන්න මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නැත.


මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බණ්ඩාරගම පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් නිළධාරයෙකු බව වාර්තා වේ.


සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment