19 විවාදය ගැන විශේෂ පක්ෂ නායක රැස්වීමක්



19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම පිළිබඳව විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.


මෙහිදී කථානායකවරයා විසින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව පක්ෂ නායකයින් හමුවේ ප්‍රකාශකරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.


පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පැවැත්වීම පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණෙනු ඇත.



Post a Comment