කුරුක්කල්තුමාට මල්මාලය දමන්න බැරිවෙයි


සමෘද්ධිලාභින්ට ණය ආධාර ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී සිදුවිය.


ඊට මත්තෙන් සර්ව ආගමික වතාවත් කටයුතු ද සංවිධානය කර තිබිණ.


මෙහිදී මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිගැනීම වෙනුවෙන් කුරුක්කල්තුමෙක් විසින් මල් මාලයක් දැමීමට බලාපොරොත්තුවෙන් සිටියද එයට ආරක්ෂක අංශ වලින් අවසර නොලැබිණ.


අරලිය මල් හා වෙනත් කොළ වර්ග යොදාගනිමින් සාදා තිබූ අඩි 4ක් පමණ දිග මල්මාලය ජනාධිපතිවරයා වෙත පැළඳීම කුරුක්කල්තුමාගේ අපේක්ෂාව විය.


එසේ වුවද ආරක්ෂක හේතුන් මත එයට ඉඩ දිය නොහැකි බව ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් දැනුම්දුන් අතර එම මල්මාලය ඔවුන්ගේ බාරයට ගැනිණ.


පහත දැක්වෙන්නේ එකී මල්මාලය දැමීමට පෙර කුරුක්ල්තුමා සභාවේ අසුන්ගෙන් සිටි ආකාරයයි.


ඡායා රූ - ගාමිණි ඔබේසේකර



Post a Comment