10 හැවිරිදි සිසුවාගේ ගෙල කපා මරලා


වව්නියාව, සාම්බල්තෝට්ටම් - නෙළුම්කුලම ප්‍රදේශයේ නිවසකදී 10 හැවිරිදි පාසල් සිසුවකු ගෙල කපා ඝාතනය කර තිබේ.


සිද්ධිය වන අවස්ථාවේදී අදාළ සිසුවා පමණක් නිවසේ සිට ඇති අතර මෘත ශරීරය නිවසට යාබද හිස් ඉඩමක තිබී සොයා ගත් බව වව්නියානව පොලිසිය පැවසුවේය.


මේ අතර කන්තලේ, වෙන්රාසම්පුර වැවේ ඔරු පදිමින් සිටි 23 හැවිරිදි තරුණයෙකු ඔරුව පෙරළී දියේ ගිළී මියගොස් ඇත.


මියගිය පුද්ගලයා කොත්මලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර විවාහ මංගල උත්සවයකට කන්තලේ ප්‍රදේශයට ගොස් ඇති බව පොලිසිය පැවසුවේය.



Post a Comment