ග්‍රාමිය සංවර්ධනයේ ඉහළම වගකීම ග්‍රාම නිලධාරින්ටයි


ග්‍රාම නිලධාරින් 140 දෙනෙකුට අද පත්විම් ලිපි ප්‍රදානය කර තිබේ.


කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක වල පුරප්පාඩු සඳහා අදාළ බඳවා ගැනිම් සිදුකර ඇති අතර නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පත්වීම් ලිපි ප්‍රදානය සිදුකෙරිණ.


ග්‍රාම නිලධාරිනියන් 128 දෙනෙකු සහ ග්‍රාම නිලධාරින් 12 දෙනෙකු පත්විම් ලැබුවන් අතර වන බව ස්වදේශ කටයුතු අමාත්‍යංශ සඳහන් කළේය.


එම අවස්ථාවට එක්වු විෂයභාර අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ග්‍රාමිය සංවර්ධනයේ ඉහළම වගකීමක් ග්‍රාම නිලධාරින්ට පැවරි ඇති බවයි.



Post a Comment