විපක්ෂ නායක ගැන කථානායක තීන්දුව කල්යයි



පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කවුරුන්ද යන තීරණය පසුව දැනුම්දෙන බව කථානායක චමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ පිළිබඳව තමන් අධ්‍යයනය කර ඉදිරියේදී සාධාරණ තීන්දුවක් ලබාදෙන බව හෙතෙම අද(07) පාර්ලිමේන්තුවේදී කියා සිටි වග අද දෙරණ වාර්තාකරු කියා සිටියි.


එසේම විපක්ෂ නායකවරයා ලෙස මහජන එක්සත් පෙරමුණේ නායක දිනේශ් ගුණවර්ධන මහතා පත්කරන ලෙස ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 60 දෙනෙකුට වැඩි පිරිසක් අත්සන් කොට කථානායකවරයාට ලියවිල්ලක් බාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී ඒකනායක මහතා සඳහන් කළේය.



Post a Comment