ජනපති හෙට පකිස්ථානයට යයි

ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතා පකිස්ථානයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ ජනාධිපතිවරයා දෙදින නිල සංචාරයක් සඳහා හෙට දිවයිනෙන් පිටත්ව යන බවයි.


එළඹෙන 7 වනදා දක්වා ඔහු එරට රැඳී සිටිනු ඇත.


පකිස්ථානු ජනාධිපති මම්නූන් හුසේන් සහ අග්‍රාමාත්‍ය නවාස් ෂෙරීෆ් යන මහත්වරුන්ගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.


සංචාරය අතරතුරදී ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතා පකිස්තානු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.


එහිදී ද්වී පාර්ශවික ගිවිසුම් කිහිපයකටද එළඹීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.



Post a Comment