ගිය ආණ්ඩුව රාජ්‍ය සේවය දේශපාලනීකරණය කළා


පසුගිය සමයේ රට දැඩි ආර්ථික අර්බුදයක පැවති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.


ඇය පවසන්නේ පැවති ආණ්ඩුව රාජ්‍ය සේවයද දැඩි ලෙස දේශපාලනීකරණයට ලක්කර තිබු බවයි.


ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ බව කියා සිටියාය.


එහිදී තවදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපතිනිය පැවසුවේ වර්තමානයේ රට තුළ සියලු ජාතීන්ට සහජීවනයෙන් ජීවත්විය හැකි වටපිටාවක් උදාවී ඇති බවයි.



Post a Comment