19 සම්මත වූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා


19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සම්මත වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.


මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ‍ෙම් බව කියා සිටියේ අද (09) පොළොන්නරුවේදී පැවැති උත්සවයකදීය.


මේ අතර එකී ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ රාත්‍රී විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇති බව සඳහන්ය.


කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව එම සාකච්ඡාව පවත්වා ඇති බව රජයේ නිල පුවත් වෙබ් අඩවිය සඳහන් කරයි.



Post a Comment