මහින්ද අමරවීර උදෑසනම මාළු වෙළඳ පොළට යයි


පෑලියගොඩ මධ්‍යම වෙළඳ සංකීර්ණයේ තවදුරටත් අක්‍රමිකතා සිදුවන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.


ඒ මහතා පෑලියගොඩ මාළු වෙළඳ මධ්‍යස්ථානයේ අද අළුයම නිරීක්ෂණ චාරිකාවක නිරත වු අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.


ධීවර අමාත්‍යවරයා එහි නිරික්ෂණ චාරිකාවක නිරත වුයේ එළඹෙන උත්සව සමයේදී පාරිභෝගිකයින් හට නිසි පරිදි සේවයක් ලැබෙන්නේද පිළිබද නිරීක්ෂණය කිරීම සඳහාය.


මාළු වෙළඳපොළේ පාරිභොගිකයින්ට මෙන්ම වෙළඳුන්ට ඇති පහසුකම් පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයාගේ අවධානයට ලක්වුණි.


අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම ස්ථානයේ සිදුවන ඇතැම් විදෙස් මත්ස්‍ය ගනුදෙනු නිසි පටිපාටියකින් තොරව සිදුවන බවයි.



Post a Comment