සෙල්ලම් පිස්තෝල නගරාධිපතිට ඇප!

හම්බන්තොට නගරයේ දී වීදි නාට්‍යය කණ්ඩායමක, කලාකරුවන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කර තිබේ.

අද පෙරවරුවේ එරාජ් ප්‍රනාන්දු මහතා හම්බන්තොට වැඩබලන මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත නිදහස් කල බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.


අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයින් 04දෙනෙකු ද හම්බන්තොට පොලිසිය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.


ඔවුන් ද රුපියල් ලක්ෂ 02ක බැගින් වු ශරීර ඇප මත නිදහස් කළ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.


පසුගියදා හම්බන්තොට නගරයේ දී වීදි නාට්‍යය කණ්ඩායමක කලාකරුවන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැණුනු අතර ඔහු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.



Post a Comment