විධායක ජනපති ධූරයේ බලතල අනිවාර්යයෙන් අඩු කළ යුතුයි


විධායක ජනාධිපති ධූරයේ බලතල අනිවාර්ය‍යෙන්ම අඩු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.


එය අප විසින් ඉදිරිපත් කරන ලද මහින්ද චින්තනයේ ද තිබූ බවත්, ඒ අනූව විධායක ජනපති ධූරයේ යම් යම් බලතල අඩුවිය යුතු යැයි තමන්ද පිළිගන්නා බව ඒ මහතා කියයි.


හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.


දේශපාලන පලි ගැනීම්වලට ලක්වූ බව කියන කළුතර ලංගම සේවකයින් පිරිසක් මෙන්ම ත්‍රීකුණාමල දිස්ත්‍රීක් ප්‍රා‍දේශීය සභා මන්ත්‍රීන් හා වවුනියාවේ දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් සමග එහි පැවැති සාකච්ඡාවලින් පසු මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දක්වන අතරේදී එක් මාධ්‍යවේදියෙකු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.


ප්‍රශ්නය - ඔබතුමා හිතන විදියට ජනපති බලතල අඩුවිය යුතුද?


අනිවාර්යයෙන්..

යම් යම් කොටසක් අඩුවිය යුතුයි කියලා මම විශ්වාස කරනවා.

මොකද.. අපි.. ඒක.. ඒ.. අපේ.. මන් හිතන්නේ අපේ.. ඉදිරිපත් කරපු මහින්ද චින්තනේ වැඩපිළිවෙළේ එක අංගයක් වෙලා තිබුණේ ඒකයි.

ඒක අපිත් පිළිගත්තා.



Post a Comment