මෛත්‍රී අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඔහුට සහය පළ කරන සෙසු පක්ෂ සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබේ.

ඒ කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදීය.


සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව මෙම අවබෝධතා ගිවිසුමට විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් අත්සන් තබන ලදී.


අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට සාධාරණ සමාජයක් සඳහාවු ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත නා හිමි ,විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ,හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග,ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා ,මව්බිම ජනතා විමුක්ති පෙරමුණු නායක හේමකුමාර නානයක්කාර ,එක්සත්ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ,පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග එක්සත් නායකත්ව මණ්ඩල සභාපති මන්ත්‍රී කරු ජයසුරිය යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියේය.



Post a Comment