ටෙන්ඩර් නැතිනම් අනුමැතියක් නෑ

ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉදිරිපත් කරන ව්‍යාපෘති යොජනා සඳහා කැබිනට් අනුමැතිය ලබා නොදීමට තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත මේ සම්බන්ධ යෝජනාව ඉදිරිපත් කර අතර ඊට අනුමැතිය හිමිව ඇත.


අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය කාලය තුළ ටෙන්ඩර් කැඳවීමකින් තොරව, ව්‍යාපෘති යෝජකයා විසින් සිය කැමැත්තෙන් ඉදිරිපත් කළ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය දී ඇති බවයි.


නව යෝජනාව මගින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්කෙරෙන ව්‍යාපෘති යෝජනා, ප්‍රතිපත්තියක් වශයෙන් පිළි නොගත යුතුය යන්නයි.


විවිධ මට්ටමෙන් ක්‍රියාත්මක වන යෝජනා සමාලෝචනය කොට විශේෂිත ආර්ථික වටිනාකමක් ලැබෙන එක්එක් යෝජනා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු බවද කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර තිබේ.



Post a Comment