මහනාහිමි වෙනුවෙන් 12දා ශෝක දිනයක්!



අපවත්වී වදාළ අස්ගිරිය පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන අප්‍රේල් 12 වන දින ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත්කර තිබේ.

ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ඩී.ඒ.එච්.එස් බොරැලැස්ස මහතා කියා සිටියේ අද(08)රැස්වුණු අවමංගල්‍ය කමිටුව විසින් සාකච්ඡා කොට ගනු ලැබූ තීරණයකට අනුව මෙම ශෝක දිනය ප්‍රකාශයට පත්කරන බවයි.


ඒ අනුව එදිනට රජයේ හා සියලුම පුද්ගලික ආයතනවල ජාතික ධජය අඩකුඹු කොට තබන ලෙස අමාත්‍යංශ ලේකම්වරයා ඉල්ලීමක් කළේය.


මේ අතර බුද්ධ රක්ඛිත හිමියන්ගේ ශ්‍රී දේහය මේවන විට සිංගප්පූරු ගුවන්තොටුපළට කැටුව විත් ඇති බවත්, එය 9.10 ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබැසීමට නියමිත ගුවන්යානයකින් ලංකාවට රැගෙන එන බවත් එහි සිටින අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද දෙරණට කියා සිටියේය.



Post a Comment