අතුරුදහන් වු දැරියගේ මළ සිරුර හමුවෙයි

හොරණ, අඟුරුවාතොට වේරවත්ත ප්‍ර දේශයේ අතුරුදහන්ව සිටි අවුරුද්දයි මාස නවයක් වයසැති දැරියගේ මළ සිරුර හමුවී තිබේ.

සිය නිවසේ සිට මීටර් තුන්සියයක් පමණ දුරින් අදාළ දැරියගේ මළ සිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


හොරණ, අඟුරුවාතොට වේරවත්තේ පදිංචි අදාළ දැරිය ඊයේ(03) අතුරුදහන් වු බවට වාර්තා වුණි.


දැරියගේ මව දැරියට බත් කවමින් සිට අත සෝදා ගැනීම සඳහා මුළුතැන්ගෙට ගොස් ඇති අවස්ථාවේ දැරිය අතුරුදන්වී තිබුණි.



Post a Comment