විධායක බලය අඩුකර කරනවා - ජාත්‍යන්තරය සමඟ මධ්‍යස්ථව ඉදිරියට යනවා

ශ‍්‍රී ලංකාව 67 වැනි ජාතික නිදහස් දින සමරද්දී එම නිදහස දිනා ගැනීම වෙනුවෙන් දිවි හිමියෙන් ක‍්‍රියාකළ ජාතික වීරයන් ගෞරවයෙන් සිහිපත් කළ යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

යුද ජයග්‍රහණය කළද උතු‍රු ජනතාවගේ සහ දකුණු ජනතුවගේ සිත් එකතු කිරීමේ කාර්යය ඉටු කිරීම අභියෝයක් බවද අද(04) 67 වන නිදහස් දින සැමරුම උත්සවය අමතමන් ජනපතිවරයා මේ සඳහන් කළේය.


එසේම ජනාධිපතිවරයා සතු විධායක බලය අඩුකර පාර්ලිමේන්තුවට බලය පවරන බවද හෙතෙම අවධාරණය කළේය.


නව රජය පොරොන්දු වු පරිදි ශ්‍රී ලාංකික ජනතාවගේ දූගී බව පැහැදිළි ලෙස අඩු කිරීමට කටයුතු කරන බවත්, මෙරට කෘෂි කාර්මික රටක් වශයෙන් දේශීය කෘෂිකර්මයට නැවුම් බවක් එකතු කරන බවත්, කෘෂිකර්මය නව තාක්ෂණය සමඟ අත්වැල් බැඳගෙන ප්‍රබුද්ධ රටක් ලෙස ඉදිරියට ගෙන යන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පැවසුවේය.


තවද පසුගිය කාලයේ පැවති ජාතික මට්ටමේ ප්‍රශ්න මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ප්‍රශ්න විසඳීම සඳහා ජාත්‍යන්තරය සමඟ මධ්‍යස්ථ ලෙස අත්වැල් බැඳගනිමින් රට පුළුල් සංවර්ධනයක් කරා ගෙන යන බවද ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අවස්ථාවේදී වැඩිදුරටත් කියා‍ සිටියේය.



Post a Comment