ලංකාවේ නිදහසට ඉන්දීය අගමැතිගෙන් විශේෂ සුබ පැතුමක්

ශ්‍රී ලංකාවේ 67 වන නිදහස් දිනය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා සුබපැතුම් එක් කර තිබේ.

ඔහු සිය ට්විටර් ගිණුමේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සුභපැතුම් එක් කර තිබීම විශේෂත්වයකි.


නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා වාසී ජනතාවට හෘදයාංගම සුභ පැතුම් එක්කරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.


ඉතිහාසය සංස්කෘතිය හා සාරධර්ම යනාදියෙහි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කිසිදිනක නොබිදෙන සුළු බැඳීමක් පවතින බව නරේන්ද්‍ර මෝඩි මහතා සඳහන් කර තිබේ.


ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනය වෙනුවෙන් සුබ පැතුම් ඒක කරන බව සඳහන් කර ඇති ඉන්දීය අගමැතිවරයා මෙම මස අවසානයේ දී තමා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීමට අපේක්ෂාවෙන් සිටින බව ද සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණි.



Post a Comment