කටුනායකදී ඉන්දීය යුවළක් කොටු

නීති විරෝධීව රත‍්‍රං රැගෙන යාමට උත්සාහ කළ ඉන්දීය ජාතික යුවළක් කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අද(04) අළුයම ඉන්දියාවේ චෙන්නායි නුවර බලා බලා පිටත්ව යාමට සුදානම්ව සිටිය දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.


ඔවුන්ගේ ගමන්මළු වල තිබී රත‍්‍රං කැබලි 06ක් සොයාගෙන ඇති අතර ඒවායේ බර ග‍්‍රෑම් 600ක් පමණ වන බව වාර්තාවෙයි.


එහි වටිනාකම රුපියල් ලක්‍ෂ 30ක් පමණ වන බවද සඳහන්ය.



Post a Comment