මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් සහෝදරත්වයෙන් කටයුතු කළ යුතුයි

මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් සියළු ආගමික නායකයින් සහෝදරත්වයෙන් යුතුව කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වර්තමානයේ රටේ පවතින ජාතික ප්‍රශ්නවලදීද සියළු ජන කොටස්වල නායකයින් මැදිහත්වී ඊට පිළියම් සෙවිය යුතු බව ඔහු කියා සිටියි.


සියළු ජන කොටස්වල ජාතික සංහිඳියාව සහ සහජීවනය වර්ධනය කිරීම ඉතා වැදගත් බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.


වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරස්ථානයේ පැවති ජාතික නිදහස් සැමරුම් රාජ්‍ය ආගමික උළෙලට සහභාගිවෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.



Post a Comment