සංහිඳියාව ගොඩනඟන්න ජනපතිට හයිය දෙනවා

රට තුළ අන්තගාමී බලවේග වලට හිස එසවීමට ඉඩ නොතැබීමට සියළුදෙනා වගබලාගත යුතු බව විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

ඔහු පවසන්නේ සියළු ජාතීන් හා ආගමික ජන කොටස් අතර සමාජයීය හා අනන්‍යේන්‍ය අවබෝධය වර්ධනය කර ගැනීම පිණිස සෑම පාර්ශවයක්ම කැපවිය යුතු බවයි.


ජාති ආගම් කුල හෝ දේශපාලන භේදයකින් තොරව සියළු දෙනා අතර සංහිඳියාව ගොඩනැගීම සඳහා වත්මන් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය ලබා දෙමින් දිනාගත් නිදහස අර්ථවත් කිරීමට පියවර ගන්නා බව විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා පවසයි.


තිස් වසරක ත්‍රස්ත ක්‍රියාවන්ගෙන් විනාශවී ගිය ජාතික සමගිය මෙන්ම යටිතල පහසුකම් හා ජන ජීවිතය නැවත ගොඩනැංවීමේ අභියෝගය ජය ගැනීම ද සියළු දෙනා ඉදිරියේ පවතින බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.



Post a Comment