එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් තලාතුඔය නගරයේ දී විරෝධතාවක නිරත වී තිබේ.
පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඔවුන් උද්ඝෝෂණයේ නිරත වු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි, පාතහේවාහැට එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා ශාන්තිනි කෝන්ගහගේ මහත්මියට සහ ඇයගේ ආධාරකරුවන් පිරිසකට පසුගියදා කිසියම් පිරිසක් විසින් පහරදී තිබුණි.
සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.එස්.බී.රත්නායක මහතා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව සඳහන්ය.

Post a Comment