හිටපු නි.ඇමති සරණගේ ගුවන් බලපත්‍රයටත් සරණක් නෑ

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ විදේශ ගමන් බලපත්‍රය අත්හිටුවන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ.

2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයා මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් චෝදනා 50 ට අදාළව අද (02) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා ඇත.


ඒ අනුව කරුණු සැලකිල්ලට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් සරණ ගුණවර්ධන මහතාගේ විදේශ ගමන් බලපත්‍රය අත්හිටුවීමට නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.


එසේම ගුණවර්ධන මහතාට පෙබරවාරි මස 11 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද අධිකරණය විසින් වැඩිදුරටත් නියෝග කර තිබේ.



Post a Comment