ගිනි අවි සමග 7ක් අත්අඩංගුවේ

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ විශේෂ වැටලීම් වලදී ගිනිඅවි ළඟ තබා ගෙන සිටි පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රත්නපුර, මාදම්පේ,කඩුවෙල සහ හංවැල්ල යන ප්‍රදේශවල අදාළ වැටලීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


කළුතර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.


එහිදී සැකකරුවන් සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනිඅවි 18 ක් සහ පතරොම් තොගයක් පොලිසිය භාරයට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.



Post a Comment