ආගමික වතාවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහ සංඝ සභාවේ මහනායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ත්‍රීකුණාමලයේ ආනන්ද, කොටුගොඩ ධම්මාවාස, ගිරාඹේ ආනන්ද අනුනායක ස්වාමින් වහන්සේ සහ මාදුළුවාවේ සෝභිත, බානගල උපතිස්ස, කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමින් වහන්සේ ප්‍රධාන සංඝරත්නය එයට එක්වූහ.
එහිදී අනුශාසනාවක් කළ ධම්මාලංකාර හිමියන් අවධාරණය කළේ යහපාලනයක් හා ශිලාචාර ආණ්ඩුවක් යළි ස්ථාපිත කිරීමේදී දේශපාලනඥයින් මෙන්ම නිලධාරීන් ද අවංකව හා කැපවීමෙන් කටයුතු කළ යුතු බවයි.
එම අවස්ථාවට මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, බුද්ධ ශාසන ඇමති කරු ජයසූරිය මහතා ඇතුළුව මැති ඇමතිවරු පිරිසක් ද එක්ව සිටියහ. ආගමික වතාවත්වලින් පසුව මහ සංඝරත්නයට හීල් දානය ද පිරිනැමිණ.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ කටයුතු අරලියගහ මන්දිරයේ සිට ඉටුකළද අගමැතිවරයා හා මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය පදිංචිය සඳහා අරලියගහ මන්දිරයට නොපැමිණෙන බව අගමැති කාර්යාලය නිවේදනය කරයි.

Post a Comment