බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සැකකටයුතු කන්ටේනර් කිහිපයක් පොලිස් පරික්ෂාවට

බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ රඳවා ඇති සැකකටයුතු කන්ටේනර් බහාලුම් කිහිපයක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ විශේෂ පොලිස් ඒකකය විසින් එම විමර්ශනය ආරම්භ කර ඇති බව සඳහන්ය.


ඒ අනුව අදාළ කන්ටේනර් බහාලුම් විවෘත කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


එම කන්ටේනර් බහාලුම් තුළ අඩංගු ද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති බව පොලීසිය පැවසීය.



Post a Comment