ප්‍රධාන දුම්රිය මාර්ග කිහිපයක දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබේ.
ජනාධිපතිවරණයේ දී ඡන්ද භාවිතා කිරීම සඳහා රාජකාරී නිවාඩු ලබා ගත් රියදුරන් ඇතුළු දුම්රිය සේවකයින් අද දිනයේ සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවු බව දුම්රිය පාලක මැදිරිය පැවසුවේය.
මුහුදුබඩ , කැලණිවැලි, සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර කිහිපයක් මෙලෙස අවලංගු කර ඇති බව සඳහන්ය.
රියදුරන් ඇතුළු දුම්රිය සේවකයින් සේවයට වාර්තා කළ විගස දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කළ හැකි බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

Post a Comment