ඛණිජ තෙල් සංස්ථාවේ ප්‍රතිපත්තිය වන්නේ මුදල් ගෙවීමෙන් පසු ඉන්ධන ලබාදීම වන බැවින් අම්බලන්ගොඩ බස්නැවතුම්පොළ ඉදිරිපිට පිහිටි තමාගේ සම්බන්ධතාවක් ඇති ඉන්ධන පිරවුම්හලට පවා ඉන්ධන ලබාගනු ලැබුවේ මුදල් ගෙවීමෙන් පමණක් බව හෙතෙම කියා සිටියි.
ලංකා ඛණිජ තෙල් සංස්ථාව සමග ගිවිසුමකට එළඹ ඇති ‘පොස්පෙට් ටෙක්නොලොජි‘නමැති ආයතනයට අයත් මෙම ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබාගැනීම සඳහා ඊයේ දිනයේද සේවකයින් පිරිසක් මුදල් ගෙවීමට ගිය අවස්ථාවේදී එහි බලධාරීන් විසින් මෙම පිරවුම්හලට මුද්‍රා තබා ඇති බැවින් ඉන්ධන ලබාදිය නොහැකි බව දන්වා ඇතැයි මන්ත්‍රීවරයා අද දෙරණට කියා සිටියේය.
එහෙත් මෙම ඉන්ධන පිරවුම්හලට අදාළව ඛණිජ තෙල් සංස්ථාව සමග පැවති ගිවිසුම අවලංගු කර එය වෙනත් අයෙකුට පැවරීමට කටයුතු කරමින් සිටින බවට තමාට ආරංචි ලැබී ඇති බවත්, එය නීත්‍යනුකූලව සිදුකිරීම සම්බන්ධයෙන් තමාට කිසිදු ගැටළුවක් නොමැති බවත් ඔහු පෙන්වාදුන්නේය.
විවිධ මාධ්‍ය ආයතනවල පුවත් වාර්තා මගින් තමා විසින් කෝටි 17ක මුදලක් වංචා කර ඇති බවට ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රචාර ගෙනයාමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්, එහෙත් මේවනතුරුත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් වාස් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
එබැවින් මේ පිළිබඳ දෝෂ සහගත තත්ත්වයන් නිවරදි කිරීමට පියවර ගන්නා ලෙස තමන් ඛණිජ තෙල් සංස්ථාවේ නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේවෙතත් අම්බලන්ගොඩ බස්නැවතුම්පොළ ඉදිරිපිට ඉන්ධන පිරවුම්පොළ ඉකුත් 06 වෙනි දින සිට වසා අතර එය සජින් වාස් මන්ත්‍රීවරයාට අයත් ආයතනයක් බවත්, එමගින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ණයට ලබාගෙන කෝටි 17 ක පමණ මුදලක් සංස්ථාවට ණයවී ඇති බවත් පසුගියදා වාර්තා විය.

Post a Comment