සිරිකොතට මුලින්ම ගැහුවේ පිටතින් ආපු අය - පොලීසිය

එක්සත් අධ්‍යාපන සේවක සංගමයේ සාමාජිකයින් 1500 දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් සිරිකොත මූලස්ථානයේදී රැස්වීමක් පැවැත්වෙද්දී පිටතින් පැමිණි ‍250ක පමණ පිරිසක් සිරිකොත පක්ෂ මූලස්ථානයට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.

එම ප්‍රහාරයත් සමග සිරිකොතින් ද පෙරළා ප්‍රහාරයක් එල්ල වී ඇති බවද පවසන පොලිස් මාධ්‍ය ඒකකය මෙකී සිද්ධියත් සමග සිරිකොත ඉදිරිපිට මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවද කියයි.


මේ අනූව පිටකෝට්ටේ සිට ඇතුළු කෝටේ දක්වා වාහන ධාවනයට බාධා එල්ල වී ඇති අතර විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.


ගැටුමේදී දෙපාර්ශවයේ කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇති බවද දැනගන්නට තිබේ.


මේවන විට එම ස්ථානයේ ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන කණ්ඩායම් එම ස්ථානයට කැඳවා ඇත.


පොදු අපේක්ෂක‍ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එකී රැස්වීම සංවිධානය කර තිබේ.



Post a Comment