මම මෛත්‍රීට නෑ - කට කතා බොරු

ජනාධිපති මැතිවරණයේදී තමන් එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන බවට මේ දිනවල පුවත්පත් වල පළවන ප‍්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නැති ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහලේකම් පශු සම්පත් හා ග‍්‍රාමීය ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් මහතා කියයි.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අද (24) පෙරවරුවේ කොටගල ලංකා කම්කරු කොංග‍්‍රස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.


මෙහිදී ආරුමුගන් තොණ්ඩමාන් මහතා පැවසුවේ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාට තම පක්ෂයේ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලීම් කළත් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ බවයි.


වත්මන් රජය වතුකරයට සීඝ‍්‍ර සංවර්ධනයක් සිදුකර ඇති බවත්, වතුකරයේ ගුරු පුරප්පාඩු ඇතුළු වතුකරයේ තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය විසඳීමට ජනාධිපතිවරයා එකඟවී ඇති බවත්, වතුකම්කරුවන්ගේ නිවාස ප‍්‍රශ්නය හා ඉඩම් ගැටලුව විසඳීම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බව හෙතෙම පැවසීය.


වතුකරය නියෝජනය කරන විපක්ෂයේ ඇතැම් දේශපාලඥයන් නුවරඑළිය දිස්ත‍්‍රික්කය පුළුවන් නම් ජයග‍්‍රහණය කරන ලෙසට කරන ලද අභියෝගය ලබන 9 දින ජනාධිපති මැතිවරණ ප‍්‍රතිඵල වලින් පෙන්වාදෙන බව ඔහු කීවේය.


සමස්ථ වතු ප‍්‍රජාවම මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දීමට මේ වන විටත් තීරණය කර ඇති බව අමාත්‍ය ඔහු වැඩිදු‍රටත් පැවසීය.



Post a Comment