පොලිස්පති මහජන දිනය මේ සිකුරාදා නෑ

පොලිස්පති මහජන සහන දිනය මෙම සතියේ නොපැවැත්වෙන බව පොලිස් මුලස්ථානය දැනුම්දෙයි.

සෑම සතියකම සිකුරාදා දිනයේ පොලිස්පති මහජන සහන දිනය පොලිස් මුලස්ථානයේදී පැවැත්වෙයි.


කෙසේ වෙතත් තැපැල් ජන්ද විමසීම මෙම දිනවල පැවැත්වීම හේතුවෙන් මෙම සතියේ පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වෙන බව පොලිස් මුලස්ථානය නිවේදනය කළේය.


ජනාධිපතිවරණයට අදාළ තැපැල් ජන්ද විමසීම ඊයේ සහ අද පැවැත්වෙන අතර පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂිත ඒකකවල නිලධාරීන් සඳහා තැපැල් ජන්දය භාවිත කිරීමට ලබන 26 වන සිකුරාදා දිනය ප්‍රකාශයට පත්කර ඇත.



Post a Comment