මහවැසි නිසා උඩරට දුම්රිය ‍ගමන් නතරකරයි

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සම්‍පුර්ණයෙන් ඇණහිට ඇති බව දුම්රිය පාලකමැදිරිය පවසයි.

නායයෑම් සහ ජල ගැලීම් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගය ස්ථාන කිහිපයක දී අවහිර වී ඇත.


මේ හේතුවෙන් අද උදෑසන කොළඹ කොටුවෙන් පිටත්වීමට නියමිතව තිබු පොඩිමැණිකේ දුම්රිය සහ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ධාවනය ද අත්හිටුවා තිබේ.


මහනුවර සිට කොළඹ දෙසට ධාවනය කිරීමට නියමිත තිබු දුම්රියද අවලංගු කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.


ඒ අනූව කොළඹ සිට බදුල්ල, මහනුවර හා මාතලේ දක්වා ධාවනය කෙරෙන සියලු දුම්රිය ගමන් අත්හිටුවා ඇත.



Post a Comment