දෙන්නෙක් පෝරකයට

පොලු වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන්වූ පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඬුවම නියම වී තිබේ.

උතුරුමැද පළාත්බඳ හිටපු මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා විසින් ඔවුන්ට මරණ දඩුවම නියම කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබු චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වීම හේතුවෙන් ඔවුන්ට මරණ දඬුවම නියම වී ඇත.


1997 වසරේ අප්‍රේල් මස 14 වනදා හෝ ඊට ආසන්න දිනයකදී රාජාංගණය, අංගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට අධිචෝදනා එල්ල වී තිබුණි.



Post a Comment