සාමාන්‍ය පෙළ විභාගය හෙට ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (09) ආරම්භ වෙයි.

දෙසැම්බර් මස 18 වන දින දක්වා විභාගය පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.


එම කාලය තුළ උදේ වරුව සහ සවස් වරුව වශයෙන් විභාගය පැවැත්වෙයි.


මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 370, 739 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් දෙලක්ෂ 6481 දෙනෙකු සහභාගි විමට නියමිතය.


විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් 540 දෙනෙකු ද විභාගය සඳහා පෙනී සිටින අතර බන්ධනාගාර රැඳවූවන් සඳහා ද විභාග මධ්‍යස්ථාන වෙන්කර ඇත.


මේ අතර විභාගය අවසන් වන තෙක් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සම්මන්ත්‍රණ, දේශන හෝ උපකාරක පංති පැවැත්වීම තහනම් කර ඇත.


විභාගය පැවැත්වෙන අතර තුර විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය පෙළපාලී, රැස්වීම්, උද්ඝෝෂණ, සංගීත සංදර්ශන ඇතුළු විභාගයට බාධා වන ආකාරයේ කටයුතු සිදුකිරීම වැළැක්වීමට පියවර ගත යුතු අතර ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පොලීසිය දැනුවත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.


මේ අතර විභාගය පැවැත්වෙන දිනවල ඇති විය හැකි වැසි සහිත කාලගුණික තත්ත්වයන් සහ නායයෑම් පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සියලු විභාග අපේක්ෂකයින්ගෙන් සහ මව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි.


විභාගය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ පැය 24 පුරා ක්‍රියාත්මක 1911 ක්ෂණික දුරකථන අංකයට හෝ පාසල් විභාග ශාඛාවට අමතන ලෙස ද විභාග කොමසාරිස්වරයා දැනුම් දී සිටියි.



Post a Comment