අභය භූමියේදී කොස්තාපල්ට වෙඩි වදී

කසිප්පු නිෂ්පාදනාගාරයක් වැටලීමට ගිය කරුවලගස්වැව පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි වැදී තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ පොලිස් කොස්තාපල් 41500 අබේසිංහ (අවු:42) නම් අයෙකි.;


තබ්බෝව අභය භූමිය තුළ පවත්වා ගෙන යන බව කියන කසිප්පු නිෂ්පාදනගාරයක් වැටලීම සදහා කරුවලගස්වැව පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු අද පෙරවරුවේ ගොස් ඇත.


තබ්බෝව අභය භූමියේ අලි වැට පසු කර ටික දුරක් ඉදිරියට යන විට වෙඩි වැදීම සිදුවී තිබේ.


සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ ගිනි අවියකට පොලිස් නිලධාරියා බිලි වී ඇති බව විශ්වාස කරන්නේ යැයි කරුවලගස්වැව පොලීසිය කියයි.


මෙම ගිනි අවිය කවුරුන් විසින් අටවා තිබූණේද යන්න මෙතෙක් අනාවරණය වී නැත.


කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කර ගෙන යයි.



Post a Comment