මහනුවර පිළිකා රෝහලේ දී පුද්ගලයෙකු ගෙල වැලලාගෙන මියගොස් තිබේ.
ඊයේ රාත්‍රි 07.30ට පමණ අදාළ පුද්ගලයා සරමක් ආධාරයෙන් ගෙල වැලලාගෙන ඇත.
මියගොස් ඇත්තේ හැටන් මල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි අයෙකි.
ඔහුට වැළඳී තිබු රෝගි තත්ත්වය මත ඇති වූ සිත් තැවුලක් හේතුවෙන් අදාළ පුද්ගලයා ගෙල වැලලාගෙන මියගොස් ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.
මහනුවර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment