මැතිවරණයකදී වෙනස් මතයක් දැරීමට ඡන්ද දායකයින්ට ඇති අයිතියට ගරු කළ යුතු බවද, මේ ගැන සිය ආධාරකරුවන්ද දැනුවත් කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයින්ගෙන් මීට ටික වේලාවකට පෙර ඉල්ලා සිටියේය.
දේශපාලන මතයක් දැරීමට ඇති ස්වභාවික අයිතිය මෙන්ම විරුද්ධ මත දැරීමට ඇති අයිතිය පැහැර ගැනීමද ප්‍රජාතන්ත්‍ර විරෝධි බව හෙතෙම පෙන්වාදුන්නේය.
මැතිවරණ නීතියට අනූව සියලුදෙනා කටයුතු කළ යුතු බවද නීති ක්‍රියාත්මක කිරීමට හා ආරක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් අනලස්ව කටයුතු කළ යුතු බවද හෙතෙම පැවසීය.
රාජ්‍ය මාධ්‍ය ඇතුළුව පෞද්ගලික මාධ්‍ය සමබරව කටයුතු කරමින් පක්ෂග්‍රාහීව හෝ අගතිගාමිව ක්‍රියාකිරීමෙන් වැළකී, කටයුතු කළ යුතු බවද, අසත්‍ය හා වැරදි පුවත් ප්‍රචාරය කිරීම, පක්ෂයකට හෝ අපේක්ෂකයෙක්ට විශේෂ සැලකිල්ලක් දැක්වීම සුදුසු නොවන බවද ඔහු කියා සිටියේය.
තවද සියලූම රාජ්‍ය නිලධාරීන් දේශපාලන කටයුතුවළින් වැළකීම මෙන්ම රාජකාරී කටයුතු වලදී දේශපාලන කටයුතු වලින් වැළකිය යුතු බවද අද (08) මැතිවරණ මහලේකම් කාර්යාලයේදී නාමයෝජනා බාරදුන් ජනපති අපේක්ෂකයින් අමතමින් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Post a Comment