හොරොව්පතාන අලි සංරක්ෂණ මධ්‍යස්ථායේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩී.රත්නායක මහතා සඳහන් කළේ එම සංරක්ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ කටයුතු ඉදිරි වසර ආරම්භයේ සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.
වන අලීන්ගේ ආරක්ෂව සඳහා අලි සංරක්ෂණ මධ්‍යස්ථාන ඉදිකිරීමට පියවර ගත් අතර එහි පළමු මධ්‍යස්ථානය ලෙස මෙම හොරොව්පතාන අලි සංරක්ෂණ මධ්‍යස්ථානය ඉදිකර තිබේ.
හෙක්ටයාර දහසක භූමි ප්‍රදේශයක ඉදිකර ඇති මෙම මධ්‍යස්ථානය තුළ අලින්ගේ ජල අවශ්‍යතාව සඳහා වැව් 4ක් ඉදිකර ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වීමෙන් අනතුරුව වන අලි එම මධ්‍යස්ථානයට ගෙනවිත් දැමීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
අලි ඇතුන් සඳහා අවශ්‍ය තෘණ භූමි ද මෙම මධ්‍යස්ථානය තුළ ඉදිකර ඇත.

Post a Comment