ඡන්දෙට කලින් හැඳුනුම්පත් කඩිනමින්

ඉදිරි ජනාධිපතිවරණයට සමගාමීව ජාතික හැඳුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට පියවර ගන්නා බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සරත් කුමාර මහතා සඳහන් කළේ දෙසැම්බර් මස 15 වන දිනට පෙර ලැබෙන සෑම අයඳුම්පත්‍රයක් සඳහාම ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.


මේ අතර හැඳුනුම්පත් නොමැති පුද්ගලයින්ට හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවාවන් ලබන 11 වන දින සිට සිදුකිරීමට බලාපොරොත්තු වන බව පැෆ්රල් සංවිධානය පවසයි.


එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ දෙසැම්බර් 21 වන දින දක්වා මෙම ජංගම සේවාව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.



Post a Comment