මුතුහෙට්ටිගම අල්ලන්න වරෙන්තුවක්

නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අත්අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා වරෙන්තු නිකුත් කර තිබේ.

වඳුරඹ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වේදිකාවට ගිනි තැබීම, උඩප්පුවේ කඩ දෙකකට හානි කිරීම හා අත්අඩංගුවේ සිටි තිදෙනෙකු පොලීසියට පැමිණ බලහත්කාරයෙන් රැගෙනයාම යන චෝදනා නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට එල්ල වී ඇත.


මෙකී චෝදනා සම්බන්ධයෙන් පළමුව අත්අඩංගුවට ගත් මුතුහෙට්ටිගම මහතා ළඟ සේවය කළ තිදෙනෙකු උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වැනිදා දක්වා රිමාන්ඩ් කෙරිණ.


අනතුරුව අත්අඩංගුවට ගත් නියෝජ්‍ය ඇමතිගේ ආරක්ෂකයින් තිදෙනා ද රිමාන්ඩ් කෙරුණු අතර ඔවුන් අද බද්දේගම මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් පසු ඇප මත නිදහස් ක‍ළ බව අප වාර්තාකරු පැවසීය.



Post a Comment