අනුරපුර තැපැල් ඡන්දදායකයින් 12,000ට ඡන්දය අහිමිවෙලා

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයින් ඉදිරිපත් කළ තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර 55,000කින්, ඉල්ලුම්පත්‍ර 12,000ක් ප්‍රතික්ෂේප වී ඇති බව කැෆේ සංවිධානය කියයි.

ඊයේ ආරම්භ වූ තැපැල් ඡන්ද විමසීම ආශ්‍රිතව එම සංවිධානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ හා සම්බන්ධ තවත් කාරණා ගණනාවක්ද සඳහන් වෙයි.


එකී නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.


අනුරාධපුර දිස්ත්‍රික්කයේ 12000කගේ තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්ෂේප වීම


අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයින් ඉදිරිපත් කළ තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර 55,000කින් තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර 12000ක් ප්‍රතික්ෂේප වී තිබේ. හේතුවෙන් ඊයේ (23) වන දින තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකිව ආපසු හැරීයාමට සිදුවිය. මෙකී තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්‍ෂේප වීම පිළිබඳව මෙම රාජ්‍ය සේවකයින් කල් ඇතුව දැනුවත් කිරීමට ද පියවරක් ගෙන නොතිබිණ.


ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට බලපෑම්


ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ නාවුක භටයින්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව එම පත්‍රිකාව සීල් කළ පෙට්ටියකට නොදමා නිලධාරීන්ගේ අතට ලබාදෙන ලෙස බලපෑම් කර තිබේ. මෙලෙස නාවුක සෙබළුන්ට බලපෑම් කර ඇත්තේ යෝෂිත රාජපක්ෂ‍ගේ බලපෑම මත බවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පැමිණිලි කර ඇති බව කැෆේ සංවිධානය කියයි.


බදුරලිය පොලිස් ස්ථානාධිපතිවරයා එජාප ආධාරකරුවෙකුට පහර දෙයි


කළුතර දකුණ කුරුළුබැද්ද, අද්දරගොඩ , “අජිතවාස“ පදිංචි සිරිපාල කුඹලාතොරආරච්චිගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී තිබේ. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන කිසිදු දේශපාලන කටයුත්තක නිරත නොවන ලෙස මෙම මැර පිරිස තර්ජනය කර තිබේ. මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ බදුරලිය පොලිස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කියයි.


තැපැල් ඡන්දය නවත්වන්නැයි කැෆේ ඉල්ලයි


එජනිසයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාව ඊයේ පෙරවරුවේ රජයේ සහ පුද්ගලික රුපවාහිනී නාලිකා මගින් සජීවිව විකාශනය කෙරිණ. තැපැල් ඡන්දය පැවැත්වෙන අතර එක් දේශපාලන පක්ෂයක් සජීවී රූපවාහිනී විකාශනයක් සිදු කිරීම ඇදහිය නොහැකි තරමේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමකි. එමෙන්ම මෙම සජීවි විකාශනය තැපැල් ඡන්දදායකයින් ලක්ෂ පහකට සෘජුව බලපෑම් කෙරෙන මෙම ක්‍රියාවකි. මේ බව අවධාරණය කරමින් එම සජීවි විකාශය නවතා දැමීමට හෝ තැපැල් ඡන්ද විමසීම වෙනත් සුදුසු දිනයකට කල්දැමීම සුදුසු බවට කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා යැවීය.


එජාප ආධාරකරුවන්ට කටුවන උප සභාපති ගෙන් ගුටි


ඌරු බොක්ක, මලගියතැන්න ප්‍රදේශයේ එජාප ආධාරාකරුවෙකු වන විල්බට් මහතාගේ නිවසේ පැවැති දේශපාලන සාකච්ඡාවකට පැමිණි දෙදෙනෙකුට කටුවන ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයා විසින් පහර දී තිබේ. කටුවල ප්‍රාදේශිය සභාවේ උප සභාපති සංජීව යන අය වාහන 4කින් පැමිණ රොහාන් චමින්ද සහ ජේ.කේ බන්දුල යන දෙදෙනාට පහර දී තිබේ.


අණ දෙන නිලධාරී තැපැල් ඡන්දයටත් අණ දීලා


කැකිරාව, ගල්කිරියාගම ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක බලකා පුහුණු පාසැලේ සෙබළුන්ට සිය තැපැල් ඡන්දය එජනිස අපෙක්ෂකයාට ලබාදී තමාට පෙන්වා දමන ලෙස එහි අණදෙන නිලධාරි මාරසිංහ නැමැත්තා උපදෙස් දී තිබේ. තවද මෙම අණ දෙන නිලධාරියා සෙසු නිලධාරින්ගේ නිවාස වල දේශපාලන රැස්වීම් පවත්වන බවට ද පැමිණිල්ලක් ලැබී තිබේ.


ශ්‍රි ලංගම තැපැල් ඡන්ද මගඩියක


දිවයින පුරා පිහිටි ශ්‍රිලංගම බස් ඩිපෝ ආශ්‍රිතව පැවැත්වෙන තැපැල් ඡන්ද විමසීම් වලදී විශාල වශයෙන් ඡන්ද අක්‍රමිකතා සිදු කිරීමට රජයට සම්බන්ධ වෘත්තිය සමිති සුදානමින් සිටින බව වාර්තා වෙයි. විශේෂයෙන් වයඹ, බස්නාහිර, ඌව ආදී පළාත් වල මෙම අක්‍රමිකතා සහ බලපෑම් සිදුවීමේ අවදානමක් පවතියි. ඡන්දය ප්‍රකාශ කළේ කාටදැයි පෙන්වන ලෙස බලපෑම් කිරීම සහ ඡන්දය ප්‍රකාශ කිරීමට බලපෑම් කිරීම,එජාප පාක්ෂිකයින්ට තර්ජනය කිරීම ආදී වශයෙන් මෙම අක්‍රමිකතා සිදු විය හැකි බව අණාවරණය වී තිබේ.


තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ස්ථානයට CCTV කැමරා යොදාගැනීම


කෝට්ටේ මහ නගර සභාවේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සකසා තිබු ස්ථානයේ CCTV කැමරා යොදා ඇති බවට පැමිණිල්ලක් ලැබිණ.මෙම කැමරා මඟින් ඡන්දය ප්‍රකාශ කිරීමේ රහස්‍ය භාවයට හානි කර තිබිණ.


ඡන්ද දායකයින්ට තර්ජනය කිරීම


පොළොන්නරුව, ගල්කන්ද යුධ හමුදා කඳවුරේ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි පිරිසක් ඡන්ද දායකයින්ට බලපෑම් සිදුකර තිබේ.ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට අයත් බව තියන wp KB 1189 දරණ කැබ් රථයෙන් පැමිණි පිරිසක් මෙම බලපෑම එල්ල කර තිබේ.මෙම කඳවුරේ කාර්ය බාර නිලධාරියා වන්නේ මේජර් ජනරාල් ලලිත් ගුණවර්ධන මහතාය.


එකම අංකය සහිත වාහන 5ක්


අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා ගරාජ් අංක සහිත වාහන 5ක් යොදා ගනිමින් මැතිවරණ ප්‍රචාරණයේ නිරත වී තිබේ. Wpc 2014 / 15 අංකය සඳහන් මෙම වාහන පහේම සඳහන් වන අතර ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් කැනපි රථයක්,ටොයෝටා හයි ඒස් සුදු පැහැ ඩබල් කැබ් රථය, ටොයෝටා හයිලක්ස් කළු පැහැ කැබ් රථය, මිට්ෂුබිෂි එල් 200 තද අළු පාට කැබ් රථය(රියදුරු අත්තනගල්ල ප්‍රා. සභාවේ එජනිස මන්ත්‍රී උපාලි සරත් කුමාර)



Post a Comment