සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා ද ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනූව ඔහු අද සන්ධාන ආණ්ඩුවට එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේ හිටපු හමුදාපති ජෙනරාල් ෆොන්සේකා මහතා සිරගත වීමෙන් ඇතිවූ පුරප්පාඩුව පිරැවීමටය.
එම පුරප්පාඩුව පිරැවීම සඳහා අවස්ථාව හිමිව තිබුණේ 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඊළඟට වැඩිම මනාප ලබා සිටි ජවිපෙ ලක්ෂ්මන් නිපුණාරච්චි මහතාටය.
එසේ වුවද ජවිපෙ විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයක් මත එම මන්ත්‍රී අසුන මනාප සටනේ මිළඟට සිටි ජයන්ත කැටගොඩට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය හිමිවිය.

Post a Comment