එ.ජා.ප සංවිධායකට ප්‍රහාරයක්

කුරුණෑගල හිරියාල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයාට කිසියම් පිරිසක් විසින් පහරදී තිබේ.

ඊයේ පස්වරුවේ හිරියාල හිරිපිටිය මංසන්ධියේ දි අදාළ ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.


ආසිරි හේරත් නැමති එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයාට මෙලෙස පහරදි ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.


කෙසේ වෙතත් එම ස්ථානයේ දි ආසිරි හේරත් මහතා සමග සිටි ඔහුගේ පුත්‍රයාට ද අදාළ පිරිස ගිනි අවි පෙන්වා තර්ජනය කර ඇති බව වාර්තා වේ.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් විසින් කුරුණෑගල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද සිදුකර තිබේ.



Post a Comment