මෙවර ජනාධිපතිවරණයට අදාළව නාම යෝජනා බාරගැනිමේ කටයුතු අදින් අවසන්වීමට නියමිතව තිබේ.
ඒ අනුව අද පෙරවරු 09.00 සිට දහවල් 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ දි නාම යෝජනා බාරගැනිමේ කටයුතු සිදු කෙරෙයි.
මෙවර ජනාධිපතිවරණය සඳහා පක්ෂ 17කින් සහ ස්වාධීන අපේක්ෂකයින් දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති අතර ඔවුන් සියලු දෙනා අද දිනයේ දි නාම යෝජානා බාරදීමට නියමිතය.
මේ අතර නාම යෝජනා බාරගැනිමේ කටයුතු හේතුවෙන් අද උදෑසන 09.00 සිට පස්වරු 02.00 දක්වා රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලය ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියා සිටියේ මෙම කාලය තුළ මැතිවරණ මහ ලේකම් කාර්යාලය ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කෙරෙන බවයි.

Post a Comment