ගෘහ සේවිකාවන් පිරිසක් සෞදියෙන් පිටුවහල් කරයි

සෞදි අරාබියාවේ දි මානව හිමිකම් චෝදනා එල්ල වූ ශ්‍රි ලාංකිකයින් ඇතුළු ගෘහ සේවිකාවන් පිරිසක් යළිත් ඔවුන්ගේ රටවල් වලට පිටත් කර තිබේ.

පසුගිය මාස 05 ක කාලය තුළ දි මෙලෙස චෝදනා එල්ල වු ගෘහ සේවිකාවන් 1896 දෙනෙකු යළිත් ඔවුන්ගේ රටවල් වලට පිටත් කිරිමට කටයුතු කළ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.


අදාළ ගෘහ සේවිකාවන් අතර ඉන්දුනීසියාව, පිලිපීනය , ශ්‍රි ලංකාව සහ ඉතියෝපියාවට යන රටවල ගෘහ සේවිකාවන් සිටින බව සඳහන්වෙයි.


කෙසේ වෙතත් ඉදිරියේ දි ගෘහ සේවිකාවන් ලෙස සෞදි අරාබියාවට කසකස්ථානය, කොලොම්බියාව, බංග්ලාදේශය, වියට්නාමය, උස්බගිස්ථානය, කාම්බෝජය, නේපාලය, ලාඕසය සහ ඉන්දියාව වැනි රටවල් වලින් සේවිකාවන් බඳවාගැනිමට කටයුතු කරන බව ද අරාබියානු පුවත් සේවා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.


කෙසේ වෙතත් මෙම පිරිස් වලට සෞදි අරාබියානු නීතිය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබාදීමට කටයුතු කරන බව එරට බලධාරින් පවසා ඇත.



Post a Comment