අද මුහුදු යන්නේ බලාගෙනයි

පුත්තලම සිට පොතුවිල් හරහා කන්කසන්තුරය දක්වා මුහුදු වෙරළ ආශ්‍රිතව නාවික හා ධීවර ප්‍රජාව අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳ දැඩි සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර රළු ස්වභාවයක්ද ගන්නා බවයි.


මේ අතර දිවයිනේ බොහෝ ප්‍ර දේශ වලට මිලිමීටර් 150 කට අධික දැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු අනතුරු වළක්වා ගැනීම සඳහා පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.



Post a Comment