එහිදී ජනපති ඇතුළු පිරිස පැයක පමණ කාලයක් එහි රැඳී සිටිමින් ආගමික වතාවත්වලට සහභාගි වී ඇති අතර විශේෂ “සුප්‍රබතම්” ස්තෝත්‍ර ගායනයක්ද එහි පූජකරුවන් පිරිසක් විසින් සිදුකර ඇත.
ජනාධිපතිවරයාගේ පැමිණීමත් සමග එම ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව ද දැඩි කර තිබිණ.
පෙරේදා (08) ජනපතිවරණයට නාමයෝජනා බාරදුන් මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් ඉන්දියාවට ගියේය.
ජනපති වෙන්කටේෂ්වර කෝවිලෙන් නික්ම යාමට මත්තෙන් එහි පූජකවරුන් ජනපතිට ආශිර්වාද කර ඇති අතර එහි කළමනාකාරිත්වය විසින් වටිනා සිල්ක් රෙද්දක්, පූජාවට තැබූ ආහාර හා මහානුභාව සම්පන්න වතුර ජනපතිට පිරිනමා තිබේ.
ජනපතිගේ ඉන්දීය ගමන සැලවී විරෝධතා දැක්වූ 130ට වැඩි පිරිසක් ආන්ද්‍රා ප්‍රදේශ් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.
තමිල්නාඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන ඩී.එම්.ෙක්, එන්.ඩී.ඒ, පී.එම්.කේ හා එම්.ඩී.එම්.කේ පක්ෂ ඉන්දු - ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට අප්‍රසාදය පළ කරමින් සිටියි.
මේ අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට සහය පළ කළ බවට දොස් කියමින් ඉන්දීය එම්.ඩී.එම්.කේ පක්ෂ නායක වයිකෝ, නරේන්ද්‍ර මෝඩිගේ රජයෙන් ඉවත්ව ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.
සිය පෞද්ගලික සංචාරය නිමා කළ ජනාධිපතිවරයා අද පෙරවරුවේ දිවයිනට පැමිණ ඇත.

Post a Comment